Thursday, August 18, 2016

සුදු පාට ඩිෆෙන්ඩරය

සුදු වෑන් හැම තැනම
වම දකුන නොබලාම
එක හුස්මෙ
දුව ඇදුන
අඳුරු වූ ඒ යුගය
පසුකරන්
ආ අපිම
ඩිෆෙන්ඩර් යුගයකට
පියමැන්නා මතකයිද...

#සුජී

Thursday, August 11, 2016

..අධ්‍යාපනය සහ දෙමාපියන්..

මා හැදූ දෙමාපියන්ටත්
නැනස පෑදූ ගුරුවරුන්ටත් මා අසීමිතව ආදරය කරමි...
ඔවුන්ගෙන් කෙනෙකු මරනාසන්න මොහොතේදී
යමකු මට වරයක් දී ඇසුවොත්
"නුඹට අවශ්‍ය මොවුන්ගේ ජීවිතයද?? අධ්‍යාපනය ද??

මම මදක් නිහඩවී
පසුව දෙතොල් විවර කර
"අධ‍යාපනය" යැයි පවසමි..
මක් නිසාදයත්...
ඔවුන්ගේ සියලුම කැපකිරීම් මට අධ්‍යපනය ලබාදීම සදහා කළ නිසාවෙනි..

(ජෝන් එෆ් කෙනඩි-හිටපු ජනපත USA)

Thursday, August 4, 2016

පහරදීම පහර කෑම සහ දේශපාලනය.

නුවන් නිරෝධ කියන්නෙ බුකියෙ තමන්ගේ  දේශපාලන මතවාදය වෙනුවෙන් තදින්ම පෙනී සිටින සඟයෙක්..
පහු ගිය දවසක ඒකාබද්ද විපක්ශය මගින් පවත්වනු ලැබූ පාගමනක් අතරතුර එම අවස්තාව වාර්තා කිරීමට නාමල් රාජපක්ශ මන්ත්‍රී තුමාට කිට්ටු වූ අවස්තාවේ නාමල් ගේ ආරක්ශකයෙක් විසින් නුවන්‍ට ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා...
මෙය එක එක පාර්ශව විවිද ආකාරයට දක්වා තිබුනත් පොදුවේ ගත් කල කුමන දේශපාලන මතවාදය නියෝජනය කලත් මුහුනු පොත තුල පුරවැසි මාධ්‍යය කරණයේ නියැලෙන අප සැම තරයේ හෙලා දැකිය යුතු දෙයක් එය නුවන් කෙරෙහි අනුකම්පාවකින් වත් විශේශ ආදරයක් පහල වීම නිසාවත් නෙවෙයි. මේ ප්‍රහාරය හෙට දිනයේ ලැබෙන්නෙ ඔබට මට නැතිනම් සමස්ත මුහුනුපොත තුලම වෙසෙනවුන්ට විය හැකිය...

නුවන් ඇතුලු ඒකාබද්ද විපක්ශය වෙනුවෙන් පුරවැසි මාධ්‍යය කරණයෙ නියැලෙන උදවියට මතක් කරදීමටද කාරනා කිහිපයක් ඇත..

ශ්‍රීපති,කදිරගාමර වැනි ලඟින්ම සිටි දේශපාලන හිත්වතුන් මරාදැමූ අයගෙන් තමාට පහරක් එල්ල වෙන බවද ඔවුන් ට නොතේරීම පුදුමයකි....

ලසන්ත වික්‍රමතුංග මරා දැමූ ඔවුන් වෙනුවෙන් දේශපාලනය කිරීමේදී තමාටද මේ ප්‍රහාරය එල්ල වෙන බව ඔවුන්ට දැන් හෝ අවබෝධ විය යුතුයි..

තජුඩීන් වැනි තම හිතමිතුරන් මරා දැමූ අයගෙන් ද නුවන්ලාට මේ ප්‍රහාරයට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවද නුවන්ලාට වැටහිය යුතුය...

කිරැලපොන දී නිර්මාල් ට පහරදෙන අවස්තාවේ බුකියේ ඒකාබද්ද විපක්ශය වෙනුවෙන් පෙනීසිටි උදවිය හොඳ වැඩේ සාදු යනුවෙන් පවසද්දී  ධෛවයෙ මේ තරම් ඉක්මනට තමන්ට පාඩම් කියාදෙන්නේ යැයි සිහිනෙකින් වත් ඔවුන් නොසිතන්නට ඇත.
එදා හුරේ දැම්මාට ඒ ප්‍රහාරයන් සාදාරනීකර්ණය කරන්න හේතු හෙවුවාට මිනිසුන්ට පාලකයන් එල්ල කරන සෑම ප්‍රහාරයකදීම විරැද්දව හඬ නැගීමට නුවන්  ඇතුලු පිරිස දැන් වත් ඉටා ගත්නේ නම් මැනවි...

Wednesday, January 27, 2016

තාත්තගේ ආදරය...

වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක් ඔහුගේ පුතාගේ නිවසේ උද්‍යානයේ වූ බංකුවක් මත වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත් පසෙකින් වාඩි වී සිටියා.
හදිසියේම පැමිනි කපුටෙකු නිවසේ ජනේලයක් මත වැහුවා.

මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
පුතා පිලිතුරු දුන්නා "ඒ කපුටෙක්" කියලා...
...
මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
"ඇයි මේ" පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ ඉන්නේ කපුටෙක්"

තව මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් අහුවා "ඒ මොකෙක්ද" කියලා තුන් වෙනි පාරටත්...
මේ සැරේ පුතාට තරහා ගියා..පුතා මෙහෙම කිව්වා "මොකද මේ? මම දැන් කී පාරක් කිව්වද? ඒ ඉන්නේ කපුටෙක්! කපුටෙක්!!"

තව මිනිත්තු කීපයකින් තාත්තා හතර වෙනි පාරටත් පුතාගෙන් "ඒ මොකෙක්ද" කියලා ඇහුවා...
මේ පාර නම් පුතාට හොදටම තරහා ගියා...පුතා තරහෙන් මෙහෙම කෑ ගැහුවා "මොකද වෙලා තියෙන්නේ? කියන දෙයක් තේරෙන්නේ නැද්ද? ඒ ඉන්නේ කපුටෙක් බව මම කී පාරක් කිව්වද? ඇයි එකම ප්‍රශ්ණේ මගෙන් දිගටම අහන්නේ" කියලා...

ටික වෙලාවකින් තාත්තා නිවස ඇතුලට ගිහින් ගොඩක් පරණ රැලි ගැහුන දිණ පොතක් ගෙනාවා...
දිණ පොතේ එක පිටුවක් පෙරලපු තාත්තා ඒක පුතාට දීලා හයියෙන් කියවන්න කිව්වා..
දිණ පොතේ මෙහෙම ලියලා තිබුනා.

"අද මම මගේ වයස අවුරුදු 3ක් වෙන පොඩි පුතා එක්ක බංකුවේ වාඩි වෙලා හිටියා ඒ වෙලාවේ ආපු කපුටෙක් ගෙදර ඉස්සරහා ජනේලේ වැහුවා...ඒක දැකපු මගේ පුතා 23 පාරක් ඒ මොකෙක්ද තාත්තේ කියලා මගෙන් ඇහුවා...ඒ අහපු හැම පාරම ඒ කපුටෙක් කියලා මගේ පුතාට මම කිව්වා...ඒ උත්තර දුන්න හැම වතාවෙම මම මගේ පුතාව ආදරෙන් තුරුල් කර ගත්තා"
ගොඩක් හැගීම්බර වුන පුතා හඩමින් තාත්තාව ආදරෙන් බදා ගත්තා...

තාත්තලගේ ආදරය මේ වගේ...අම්මලා වගේ අපිට ආදර පෙන්නන්නේ නැති වුනාට එයාලා කොච්චර තමන්ගේ දරුවන්ට ආදරය කරනවාද?
ඒත් අපි පුංචි කාලේ මුලු ලෝකය ගැනම අපි නොදන්න දේ අපිට කියලා දෙන තාත්තා මහලු වයසට පත් වුනාම අපි එයාට ඒ ආදරය රැකවරණය ලබා දෙනවද?

Thursday, January 7, 2016

සිංහ ලේ

යන විට පාරේ
සිංහ යො යන වේලේ
දැක්කම පිස්සු හැදෙන්නේ...

පිටරට රතයේ
පිටුපස ඩිකියේ
සිංහ ලේ අකුරැ වදින්නේ....

නොදන්න දරැවනෙ
කරනා ගොන් වැඩේ
දැන් වත් වටහා ගන්නේ....

පාලක ගොන් රැලේ
උඹලගෙ මැටි මොලේ
විකුනා උන් රජ වෙන්නේ...

පීඩිත බදු රටේ
නිපැවුම් නැත අපේ
රට දින දින ජරාව වෙන්නෙ....

යුද්දය නැති රටේ
සාමය ඇති කලේ
සාක්කුව පාලු වෙලානේ...

ඇතිකර ජන ගැටුම්
විකුනා කන ගමන්
රජ වෙන්ටයි උන්හටඕනේ...


#සුජී

Saturday, January 2, 2016

ජීවිතය කවියක්...



අරැත් සුන්
පද පෙලක
එලි සමය
සොයා යන
ජීවිතය නම් කවිය
නුඹ එක්ක

හරි හැඩය...