Wednesday, June 12, 2013

නිකමට හිතුන





කෘන්තක, රදනක, චාර්වක, පුරශ්චර්වක දෙතිස් දතට මැදිව ඇති දිව වටකර ඇති 
තොල් පෙති අගුලු දැමූ...
කුඩා මොලයේ සිට තට්ටම් දක්වා දිවයන කශේරුකාව ජෙලටීනමය ද්‍රව්‍යකින් සැදුම්ලත් 

මාධ්‍යවේදීන් පිරිසක් බිහි කිරීම පිණිස රටකට 

මාධ්‍ය ආචාර ධර්ම පද්දතියක් තිබිය යුතුය........


....නිකමට හිතුන....

Tuesday, June 11, 2013

ධීවරයා





ජුනි මස 8 වෙනිදා,

දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන බිරින්දෑ දුන් බත්පත අරගෙන ආදරණීය දරුවන්ගේ මුණ ඉඹල 
බෝට්ටුවට නැග්ගේ වෙනද වගේම රටේ මිනිස්සුන්ගේ බත් පිගානට රසට කන්න මලු පිලී ගෙනත් දීල 
හම්බෙන සොච්චමෙන් දරුවන්ට උගන්වන්න, දරුවන්ට කන්න දෙන්න දරුවන්ගේ හීන මල්පල ගන්වන්න...

අවාසනාවට හරස් වෙච්ච කාලගුණය උඹලට ගෙදර එන්න දුන්නේ නැහැ...
උඹලගේ ජීවිත බිලි ගත්තා ...
උඹලගේ පවුල්වල හීන උඹලත් එක්කම මහා මුහුදේ දියවෙලා ගිය...
කාලයක් මේ රටේ මහා වුන්ට උඹල මහා වීරයෝ උනා ....
උන් උඹලව අගේ කලා...
අද !
උන්ම කියනවා උඹල හිතුවක්කාරෙට මුහුදු ගියාලු, උඹලට දැනුම් දෙන්න තාක්ෂනේ තිබ්බේ නැහැලු ,
උඹල ම චන්දෙ දීල පත්කරගත්ත ගොන් හරක් අද ලස්සනට බොලේ පාස් කරගන්නවා..
උඹලගෙම මහා රජා කමිටුවක් පත් කරලලු වැරදි කාරයෝ හොයන්න 
හෙට අනිද්දා කමිටුවෙනුත් කියාවි තාක්‍ෂනේ තමයි වැරදි කියල..
උඹලගේ ගෙවල් වලට ඇවිත් 50,000.00 ක් දීල අවුරුදු ගානක් රෙදි සෝදන යන්ත්‍ර දෙකෙන් 
පට්ට ගහයි...
එත් උන් හෙටත් මේ දේම වෙනකම් බලාගෙන ඉඳීවි...
උඹලගේ පවුල් වල හීන වලට මොකද වෙන්නේ?
උඹලගේ පවුල් වල වුන් කොහොමද ජීවත් වෙන්නේ?
කෝ උන්ට මිනිහෙක්, තාත්තෙක්,සහෝදරයෙක්.....
හරක් මරනවට කෑ ගහන සමහරක් උන් උඹලව හරක් තරම්වත් වටින්නේ නැතුව වගේ කට පියාගෙන ඉන්නවා...
හැබැයි මොනවා උනත් උඹල උන්ට හොඳ පුවතක් මැවුව..මස ගානකට මේක ඇති...
අනේ මන්ද...
මට මෙහෙමත් හිතෙනවා "  මුන් උවමනාවෙන් උඹලව දැනුවත් කරේ නැතුව හිටියවත්ද කියල "
අපේ රටේ මිනිස්සුන්ට සියල්ල අමතක කරන්න තරම් පුවතක්නේ මේක...
මහ රජාට හොඳ මාකටිං පාරක් දාගන්නත් පුළුවන්නේ..........


උඹලට නිවන් සුව
.....................................................................................

...රට ගැන දුකට ලියවින...

Do Something



ජීවිතයට යමක් නොකර 
ජීවිතයෙන් යමක් බලාපොරොත්තු වීම වැරදිය 

වර්තමානයේ යමක් නොකර 
අනාගතයේ දෙයක් බලාපොරොත්තු විය නොහැක 

වපුරන්නට ඇති කාලයේ 
අලසව කාලය ගෙවා දමමින් 
අස්වැන්න නෙලන කාලයේදී 
අස්වැන්න බලාපොරොත්තු වීම වැරදිය 

ජීවිතය වෙනුවෙන් කැපවීම් කරන්නට ඇති කාලයේ 
ඒ වෙනුවෙන් කැපවීම් කරන්නෙකුට 
අනාගතයේ ලැබෙන අස්වැන්න 
හිතාගන්නට බැරි තරම් විශාලය 

ජීවිතයේ වාසනාව රැඳී ඇත්තේ 
ශනිදා වාසනාව මතවත්,
මහජන සම්පත මතවත් නොව 
තමන් කරන කැපවීම් මත බව තදින්ම හිතට ගත යුතුය 

අනාගතය තුල යමක් ලබා ගැනීම පිණිස 
අද සිටම ආකල්ප වෙනස් කරගමු 
අනාගතය වෙනුවෙන් කැපවීමක් කරමු...
"Do something
Be someone 
because
Something is better than 
Nothing "   

.............පරිත්‍යාගය............

පරිත්‍යාගය


ඔබට
යමක් සාක්ෂාත් කරගන්නට අවශ්‍යනම්
ඒ දෙය වෙනුවෙන් ඔබට පරිත්‍යාග කිරීමට පුළුවන් දේ කුමක්‌දැයි සිතන්න 
ජිවිතයේ සියල්ල ගොඩනගා ගත හැක්කේ උපයාගත හැක්කේ 
අවංක අව්‍යාජ හා පිරිසිදු පරිත්‍යාගයකින් පමණි 
ඔබට යමක් වෙනුවෙන් 
යමකු වෙනුවෙන් 
යම් හැඟීමක් වෙනුවෙන් 
එවැනි පරිත්‍යාගයක් කල නොහැකිනම් 
ඒ දේ අතහැර දමන්න 
පිරිසිදු අරමුණක් වෙනුවන් එවැනි පරිත්‍යාග කර 
ලෝකයා  අත්පත් කරගත්  
දේවල් පිළිබඳව ඔබ දන්නවනම් 
පරිත්‍යාගය යනු 
කෙතරම් උතුම් දෙයක්ද යනු ඔබ තේරුම් ගන්නවා ඇත...

...අතීතයේ දවසක සිත්තම් වුවක්...