Tuesday, June 11, 2013

ධීවරයා





ජුනි මස 8 වෙනිදා,

දහසක් බලාපොරොත්තු හිතේ තියාගෙන බිරින්දෑ දුන් බත්පත අරගෙන ආදරණීය දරුවන්ගේ මුණ ඉඹල 
බෝට්ටුවට නැග්ගේ වෙනද වගේම රටේ මිනිස්සුන්ගේ බත් පිගානට රසට කන්න මලු පිලී ගෙනත් දීල 
හම්බෙන සොච්චමෙන් දරුවන්ට උගන්වන්න, දරුවන්ට කන්න දෙන්න දරුවන්ගේ හීන මල්පල ගන්වන්න...

අවාසනාවට හරස් වෙච්ච කාලගුණය උඹලට ගෙදර එන්න දුන්නේ නැහැ...
උඹලගේ ජීවිත බිලි ගත්තා ...
උඹලගේ පවුල්වල හීන උඹලත් එක්කම මහා මුහුදේ දියවෙලා ගිය...
කාලයක් මේ රටේ මහා වුන්ට උඹල මහා වීරයෝ උනා ....
උන් උඹලව අගේ කලා...
අද !
උන්ම කියනවා උඹල හිතුවක්කාරෙට මුහුදු ගියාලු, උඹලට දැනුම් දෙන්න තාක්ෂනේ තිබ්බේ නැහැලු ,
උඹල ම චන්දෙ දීල පත්කරගත්ත ගොන් හරක් අද ලස්සනට බොලේ පාස් කරගන්නවා..
උඹලගෙම මහා රජා කමිටුවක් පත් කරලලු වැරදි කාරයෝ හොයන්න 
හෙට අනිද්දා කමිටුවෙනුත් කියාවි තාක්‍ෂනේ තමයි වැරදි කියල..
උඹලගේ ගෙවල් වලට ඇවිත් 50,000.00 ක් දීල අවුරුදු ගානක් රෙදි සෝදන යන්ත්‍ර දෙකෙන් 
පට්ට ගහයි...
එත් උන් හෙටත් මේ දේම වෙනකම් බලාගෙන ඉඳීවි...
උඹලගේ පවුල් වල හීන වලට මොකද වෙන්නේ?
උඹලගේ පවුල් වල වුන් කොහොමද ජීවත් වෙන්නේ?
කෝ උන්ට මිනිහෙක්, තාත්තෙක්,සහෝදරයෙක්.....
හරක් මරනවට කෑ ගහන සමහරක් උන් උඹලව හරක් තරම්වත් වටින්නේ නැතුව වගේ කට පියාගෙන ඉන්නවා...
හැබැයි මොනවා උනත් උඹල උන්ට හොඳ පුවතක් මැවුව..මස ගානකට මේක ඇති...
අනේ මන්ද...
මට මෙහෙමත් හිතෙනවා "  මුන් උවමනාවෙන් උඹලව දැනුවත් කරේ නැතුව හිටියවත්ද කියල "
අපේ රටේ මිනිස්සුන්ට සියල්ල අමතක කරන්න තරම් පුවතක්නේ මේක...
මහ රජාට හොඳ මාකටිං පාරක් දාගන්නත් පුළුවන්නේ..........


උඹලට නිවන් සුව
.....................................................................................

...රට ගැන දුකට ලියවින...

No comments:

Post a Comment